අලුත් ජනතාවක් පත්කරගමු!

අද දෙසැම්බර් මාසයේ දහවෙනිදා. නොවැම්බර් පළවෙනිදා ලිවූ සටහනින් පසු නැවත අන්තර්ජාලයට ලියන්නේ අද. කොතරම් උවමනාවක් ලියන්නට තිබුනත් නොයෙකුත් හේතූන් සහ මගේම කම්මැලිකම නිසා ලියන්නට නොසිතෙනා තරම්. බොහෝ කාලයකට පසු දේශපාලන නිද්‍රාවෙන් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් අවදි වී ඇති බව දැකීමත් සතුටක්. මහ පාරේ දකින සංවර්ධනය හෝ හැමදාම කතා කරන යුද්ධයෙන් එහාට ගිහින් මේ රටේ මිනිස්සු යහපාලනය, පුද්ගල නිදහස, කතාකිරීමේ, සිතීමේ සහ ආදරය කිරීමේ නිදහස ගැන කතා කරනවා දැකීම කොච්චර සතුටක්ද?

මහින්ද රාජපක්ෂ මේ රට වෙනුවෙන් ගොඩක් දේවල් කරල තියෙනවා. නමුත් ඔහු සතුව ඇති අසීමිත බලය මැද පෙරදිග රජෙකුගේ තරම් වීම රටේ අනාගතයට එතරම් හොඳ නැහැ. ලබන ජනවාරි අට වෙනිදා ඔහුට නැවතත් බලය ලැබුනත්, ලංකාවෙ ඉහළ සහ පහළ මධ්‍යම පන්තියේ ඇතිවෙලා තියෙන පුද්ගල නිදහස හා යහපාලනය පිළිබඳ කතිකාවෙන් ඉල්ලා සිටින ව්‍යවස්ථාමය සංශෝධන නොගෙන ආවොත්, මේ රට නැවතත් තරුණයින්ගේ ලේ වලින් නැහැවෙයි කියන ප්‍රශ්නය අපි කාටත් තියෙනවා.

ඉතින් මේ ඉල්ලා සිටින ව්‍යස්ථාමය සංශෝධන අවම වශයෙන් මේ ධූර කාලයේදීම ලබා නොදීම නිසා අපිට ඊළඟ ධූර කාලයෙන් ඒ දේවල් ලැබෙයි කියල බලාපොරොත්තුවෙන්න බෑ. ඒ වගේම මීට කලින් බලයට පැමිණි හැමදෙනාම – මෛත්‍රීපාල සිරිසේනගේ සහයක චන්ද්‍රිකා පවා – බලයට පත්වෙද්දී ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය පිළිබඳ දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා තමයි අද මේ වගේ දෙයක් ඇතිවෙලා තියෙන්නෙත්. නමුත් පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාව තුළ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ හොඳම අවස්ථාවක් මේ රටේ මිනිසුන්ට ලැබී තිබෙනවා. මේ මැතිවරණය එහි එක අවස්ථාවක් පමණයි. හදීසියේ හෝ පොදු විපක්ෂය පැරදුනොත් (පැරදෙන්න හේතු පසුව කියන්නම්) එළඹෙන කුමන හෝ ආණ්ඩුවකට සිදු විය යුතු වෙනස්කම් සිදු කිරීම සඳහා බලකිරීමට ජනතාව පෙළගැසීමයි වැදගත්.

ඒ අවශ්‍ය වෙනස කිරීම වෙනුවෙන්, පොරොන්දු වලට විතරක් ඉඩ නොදී ක්‍රියාව සඳහා බල කරන අලුත් ජනතාවක් ලබන අටවෙනිදා වෙද්දී අපි පත්කරගමු.

Advertisements

One thought on “අලුත් ජනතාවක් පත්කරගමු!

  1. “බොහෝ කාලයකට පසු දේශපාලන නිද්‍රාවෙන් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් අවදි වී ඇති බව දැකීමත් සතුටක්.”

    එකඟයි.

    මේ රටේ මිනිස්සු යහපාලනය, පුද්ගල නිදහස, කතාකිරීමේ, සිතීමේ සහ ආදරය කිරීමේ නිදහස ගැන කතා කරනවා දැකීම කොච්චර සතුටක්ද?

    මෙහෙම එකක් කතා කරන්න තරම් අපේ අයට හැකියාවක් තියෙනවද සුදාරක?
    මට නම් පේන්නේ එහෙන් මෙහෙට පනින හෙඩ්ස් ගණන් කර කර ඉන්න ඡන්දදායකයෝ පිරිසක් මිසක් රටට ගැලපෙන ක්‍රමයක් හොයාගන්න පාලකයෙක් පත් කරගන්න උවමනාවක් නැතිකමයි. සීමිත පිරිසක් විතරක් වෙනසක් ගැන හිතුවට බොහෝ අය තාම ඉන්නේ නිද්‍රාවේ.
    ඒ විතරක් නෙමෙයි ඡන්දදායකයෝ අදීන විදිහට එක එකාගේ කුණුගොඩවල් විතරක් ගැන කතා කරන එක හිරිකිතයි.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )